Connect with us

පුවත්

දීප ව්‍යාප්ත සේවා 18ක විධායක නිලධාරින් විසි දහසකට ‍අද ලෙඩ

Published

on

වෘත්තීය දීමනාව රුපියල් හැත්තෑ පන් දහසක් දක්වා (75,000/-) වැඩි කරන ලෙස ඉල්ලමින් දීප ව්‍යාප්ත සේවා දහඅටක විධායක නිලධාරිහු විසි දහසක් පමණ අද (29) අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙති.

දීමනාව වැඩිකර එය විශ්‍රාම වැටුප් සහිත දීමනාවක් බවට පත්කිරීම ද එම නිලධාරින්ගේ ඉල්ලීමක් වෙයි.

ජාතික වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා කර ගනිමින් රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩි කිරීමට අදාළව සහ රාජ්‍ය සේවයේ වර්තමාන වැටුප් විෂමතාවලට විසඳුම් ලෙස කෙටුම්පත් කරන ලද නව වැටුප් ක්‍රමයකට අදාළ යොජනා අයවැයට පෙර රජයට භාර දී තිබෙන බව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මෙහෙයවන විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකර ජීවන වියදම් දීමනාව පමණක් වැඩි කිරීමෙන් වැටුප් විෂමතා ගැටලු තවත් වර්ධනය වී තිබෙන බවටත් එම කමිටුව චෝදනා කරයි.

රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය, ආයුර්වේද නිලධාරින්ගේ සංගමය, රජයේ පශු වෛද්‍ය නිලධාරි සංගමය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය, ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවා වෘත්තීය සංගමය මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්වන වෘත්තීය සංගම් අතර වෙයි. 

එමෙන්ම රජයේ විද්‍යාත්මක සේවා වෘත්තීය සංගමය, ශ්‍රී ලංකා මිනින්දෝරු සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව, සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ වෘත්තිය සමිතිය, ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ වෘත්තිය සංගම් එකමුතුව, ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවා සංගමය, දේශීය ආදායම් වෘත්තිය සමිති එකුමුතුව, සංඛ්‍යාලේඛනඥවරුන්ගේ සංගමය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය ඊට එක් වෙයි.

ශ්‍රී ලංකා කාර්මික අධ්‍යාපන සේවයේ වෘත්තිය සංගම් එකමුතුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති එකතුව, දෙපාර්තමේන්තුමය කම්කරු කොමසාරිස්වරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා ගණකාධිකාරිවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා තැපැල් සේවයේ විධායක හා මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය ද වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව සිටියි.

උසස් පෙළ විභාග කටයුතුවල යෙදී සිටින අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක් නොවන බව අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සංගමය පවසයි. 

ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කෙරෙන විශේෂ නියෝජිත සමුළුවක් ද අද පෙරවරු 9.30ට කොළඹ 7, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී පැවැත්වීමට ද කමිටුව සැලසුම් කර තිබේ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved