Connect with us

පුවත්

දීර්ඝ වූ තහනම

Published

on

සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබු නිලවරණය අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ජූනි 20 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (26) නියෝග කලේය.

එම නිලවරණය පැවැත්වීම වලක්වන නියෝගයක් නිකුත් කරනවාද? නැද්ද? යන්න පිලිබඳ නියෝගය එදින ප්‍රකාශ කරන බවද අභියාචනාධිකරණය විසින් වැඩිදුරටත් දැනුම් දෙන ලදී.

සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණය පැවැත්වීමට එරෙහිව දේවාලයේ තාවකාලික භාරකරු ලෙස පත් කර සිටි එස්.වී. චන්ද්‍රසිංහ මහතා ගොනුකර තිබූ රිට් පෙත්සමක් සළකා බලීමෙන් අනතුරුව එලෙස නියම කෙරුණි.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ විනිසුරු කේ.එම්.එස්. දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක්  හමුවේ පෙත්සම කැදවීය.

සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා නිලවරණය පැවැත්වීමට එරෙහිව දේවාලයේ තාවකාලික භාරකරු එස්.වී. චන්ද්‍රසිංහ මහතා ගොනුකර තිබූ රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.පී. රත්නායක, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි, අමාත්‍යාංශ ලේකම් ඒ.එම්. පී.එම්.බී.  අතපත්තු ,හිටපු බස්නායක නිලමේ ජේ.එම්.  මිගාර ජයසුන්දර, ඇතුළු පිරිසක්  නම් කර තිබේ.

සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස තමන් පත්කිරීමට එරෙහිව පිරිසක් විසින් ගොනු කර තිබු රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් තමන් වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරු, පෙත්සම් විභාගයේදී තමන් දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කිරීමට ගත් තීරණය නීත්‍යානුකූල බවට තීන්දුවක් ලැබුණහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිලවරණයේදී තමාට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි වන බවත් එසේ වුවහොත් ඉන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

සබරගමුව මහ සමන් දේවාලයේ භාරකරු වශයෙන් කටයුතු කිරීම වළකාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසු එම තනතුරු අහෝසි කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කර ඇති බවත් එය නීතියට පටහැනි බවත් පෙත්සම්කරු සඳහන් කර සිටී.

ඉදිරිපත් කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කෙරුණි.

මේ අතර සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්.වී. චන්ද්‍රසිංහ මහතා පත් කිරීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සමද ජූනි 20 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කලේය.  

සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා සහ බස්නායක නිලමේවරුන්ගේ සංසදයේ සභාපති හේමන්ත බණ්ඩාර හේරත් මහතා සහ ලේකම් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර මහතා එම පෙත්සම ගොනු කර තිබේ.

පුවත්

කරාපිටියේ හෘද සැත්කම් නවතී

Published

on

By

ගාල්ල ජාතික රෝහලේ හෘද සහ උරස් කුහර ඒකකයේ දැනට සිටින විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයාගේ කොන්ත්‍රාත් කාලය මෙම 31 වන දායින් පසු නිමා වීමත් සමග දැනට කරන හෘද සැත්කම් නවතා දැමීමට සිදුවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

දැනට ගාල්ල ජාතික රෝහලේ මෙම ඒකකයේ ස්ථිර විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු නොමැති බවත් දැනට එහි සේවය කරනු ලබන්නේ කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් විශ්‍රාමික විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් ඉල්ලීම් සිදු කළද මේ දක්වාම කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීම නිසා මෙම තත්ත්වය උදා වී ඇත.

මෙම තත්ත්වය මත විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු නොමැති වීමෙන් සැත්කම් නතර කිරීම නිසා හෘද රෝගී ජීවිත දැඩි අවදානමකට පත්වන බව රෝගීන්ගේ ඥාතීහු පවසති.

රජය රාජකාරි වේලාවෙන් පසුවද ශල්‍යකර්ම සිදු කිරීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක නියමිත රාජකාරී කාලය තුළ ම ශල්‍යකර්ම නැවතීම බරපතළ ගැටලුවක් බව ඔවුහු පවසති.

රෝගී ජීවිත අවදානමකට ඇද නොදමා හැකි ඉක්මනින් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු ලබා දෙන ලෙස ඔවුහු වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් අප ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චයූ.එම්. රංගගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ මෙම තත්ත්වය මත ඉදිරියේදී හෘද සැත්කම් නතර කිරීමට සිදුව ඇති බවය.

මූලාශ්‍රය – මව්බිම

Continue Reading

පුවත්

කොකේන් කිලෝ 10ක් කටුනායකදී හසුවෙයි

Published

on

By

අද (30) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් හා ගුවන්තොටුපොළ රේගු ඒකකයේ නිලධාරීන් එක්වී සිදුකළ වැටලීමකදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 10යි ග්‍රෑම් 323ක් සොයාගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ගුවන් මගින් මෙරටට රැගෙන පැමිණි විදේශ ජාතිකයා අත්අඩංගුවට පත් වූ අතර සැකකරු වයස අවුරුදු 38ක් වන ඉතාලි ජාතිකයෙකි.

සැකකරු මෙම මත්ද්‍රව්‍ය ටෙඩිබෙයා(ර්) තුනක සඟවාගෙන රැගෙනවිත් තිබුණි.

Continue Reading

පුවත්

විදුලිය බිඳ වැටී ඇත්නම් දැනුම් දෙන්න

Published

on

By

කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක් හරහා ඊයේ (29) රාත්‍රියේ හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිද වැටීම් වාර්තා වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.
 
එම බිඳ වැටීම් කඩිනමින් යථා තත්වයට පත් කිරීම සදහා කණ්ඩායම් යොමු කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා  කියා සිටියේය.
 
ඒ අනුව, එවැනි බිද වැටීම් තිබේනම් 1987 කෙටි අංකය ඔස්සේ හෝ සී ඊ බී ඇසිස්ට් (CEB Assist) ජංගම යෙදවුම හරහා දැනුම් දෙන ලෙස ද විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved