Connect with us

පුවත්

දුප්පත් පවුලකට මසකට රු.20,000ක් – සජිත්

Published

on

වසර දෙකක් තුළ දිළිඳුකම තුරන්කිරීමේ අරමුණින් දිළිඳු පවුලකට මසකට රුපියල් විසි දහසක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සේරුවිල පැවති ජන රැලියට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“මම කැමතියි විශේෂ නිවේදනයක් කරන්න. මේ රටේ ලක්ෂ ගණනක ජනයා දුප්පත්කමින් මිරිකිලා. අපි ජීවත් වීමේ මාර්ගයක් නැති දුෂ්කර ජීවිතයක් ගතකරන දුප්පත් ජනතාව වෙනුවෙන් ජනසවිය, අස්වැසුමෙහි එන හොඳ ගුණාංග ගෙන අඩුපාඩු ඉවත් කර දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. දුප්පත් පවුලකට මසකට රු.20,000ක් දෙනවා. මාස 24ක් තුළ දුප්පත්කම තුරන් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. පරිභෝජනය, ආයෝජනය,ඉතිරිය, නිෂ්පාදනය සහ අපනයනයට මේ ක්ෂේත්‍ර 5 ඔස්සේ දුප්පත්කම නැතිවිය යුතුයි. කවුරුත් කැමති නැහැ දුප්පත්කමේ රැඳීසිටින්නට. අපේ රටේ කිසිවෙකුට අත නොපා ජීවත්වීමට කැමති ජනතාවක්. කාන්තාව මුල්කරගෙන මේ සහන ලබාදෙනවා. කන්තලේ සීනි කම්හල ශක්තිමත් කරනවා. ප්‍රදේශයේ දියුණුව උදෙසා එය සිදුකරනවා සේරුවිල ජනතාවට ජයවේවා!”

(අද දෙරණ)

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved