Connect with us

පුවත්

දුම්කොළ සමාගමේ ලාභය 400%කින් ඉහළට

Published

on

නිසිපරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 5ක පමණ කාලය තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 100ක පමණ මුදලක් රටට අහිමිවූ බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පවසන්නේ මෙම බදු ප්‍රමාණය තීරණය කිරීම හරහා දුම්වැටි අලවිය 50%කින් පමණ අඩු වුවද දුම්කොළ සමාගමේ ලාභය 400%කින් පමණ ඉහළ ගොස් ඇති බවය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“2023 වසරේ සුරා බද්ද 20%කින් වැඩි වුණා. එහිදී දුම්වැටි බදු ආදායම රු.බි. 7.7ක්. ඒ කියන්නේ තිබුණු ආදායම 7%කින් වැඩි වුණා. මධ්‍යසාර බදු ආදායම 7%කින්… ඒ කියන්නේ රු. බි. 11.6කින් වැඩි වුණා. බදු ආදායම වැඩි වුණා… භාවිතය අඩු වුණා. ශුද්ධ මධ්‍යසාර ලීටර මිලියන 8.3කින් භාවිතය අඩු වුණා. දුම්වැටි ඒකක මිලියන 521.5කින් අඩු වුණා. මේ සමස්ත බදු වැඩිකිරීම තුළ දුම්කොළ සමාගමට රු මිලියන 7,000ක විතර අමතර ලාභයක් ලැබිලා තිබෙනවා. මේ වෙන්නේ බදු වැඩි කිරීම තුළින් මිලක් තබාගන්න ඉඩක් ලැබෙන එක.”

“මීට අවුරුදු 10කට කලින් දුම්වැටි මිලියන 4,800ක් විතර අලෙවි වුණා. අද වනවිට වසරකට දුම්වැටි අලෙවි වන්නේ මිලියන 2,200ක් වගේ. ඒ කියන්නේ 50%ක අඩුවීමක්. ඒත් දුම්කොළ සමාගමේ ලාභය 400%කින් 500%කින් වැඩි වෙනවා. 2009 සිට දුම්කොළ සමාගමට වාසි විදියට බදු ප්‍රතිපත්ති තීරණය කරනවා. ඉතින් ඔවුන් ලාභ ලබනවා. ආයෙත් ඒ මුදල් දුම්වැටිවලට අපේ දරුවන් හුරු කරවන්න කැම්පේන්වලට යොදවනවා. සමස්ත බදු ආදායමෙන් 6%යි දුම්වැටි බද්ද. මධ්‍යසාර බද්ද 9%ක් විතර තියෙනවා. හැබැයි අපිට උගන්වලා තියෙන්නේ මේ බදු නැත්තම් රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවලා ඉවරයි වගේ කතා. ඔක්කොම බොරු. පසුගිය වසර 5, 6 ඇතුළත නිවැරදිව බදු තීරණය කරපු නැති නිසා අපිට රු. බිලියන 100ක් විතර අහිමි වුණා.” 

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved