පුවත්

දුම්බර හිරකාරයෙක් ජේලර්ට රෝහල්ගතවෙන්න ගහලා 

Published

on

බන්ධනාගාර  රැඳවියෙකු ගේ පහරකෑමට ලක්වූ ජේලර්වරයකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමේ සිද්ධියක් පල්ලේකැලේ පොලිසියෙන් වාර්තා වේ.

ජේලර්වරයා මෙසේ පහරකෑමට ලක්ව ඇත්ත‌ේ පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ කේ.විශේෂ වාට්ටුවේ රැඳවියෙකු ජංගම දුරකථනයක් ළඟ තබාගෙන සිටින බවට ලද තොරතුරක් මත ඔහු පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදීය.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්ත‌ේ එස්.ඒම්.එස්. සමරතුංග නැමැති ජේලර්වරයෙකි.

තුවාල සිදුකර ඇත්තේ පී.ජී. සුජාන් හේමන්ත නැමැති රැඳවියා විසිනි.

මෙම සම්බන්ධයේ ඉදිරි විමර්ශන පල්ලේකැලේ පොලිසිය විසින් සිදුකරනු ලබයි.

Trending

Exit mobile version