පුවත්

දුම්රිය අතවශ්‍ය සේවාවක් කරන්න යෝජනාවක්

Published

on

අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කිරීමට ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඒ අනුව හෙට(13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන බව බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවේ දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රියක වහලය මත ගමන් කළ තරුණයෙකු ඉන් ඇදවැටී ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතිශය කණගාටු වන බවත්,  එම මරණයට වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් 84 දෙනා වගකිව යුතු බවත්ය.

Trending

Exit mobile version