Connect with us

පුවත්

දුම්රිය ගමන්වාර 12ක් අවලංගු වෙයි

Published

on

අද (30) උදෑසන සහ සවස කාර්යාල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටියි.

අද උදෑසන සහ සවස කාර්යාල දුම්රිය සහ දහවල් දුම්රිය ගමන්වාර 12ක් පමණ මේ හේතුවෙන් අවලංගු කර ඇතැයි වාර්තා වේ.

පුවත්

අද හවසට මි.මී 75 ඉක්මවූ වැසි

Published

on

By

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

Continue Reading

පුවත්

යුද්ධ හමුදාව රට වැසියන්ගෙන් කළ කාරුණික ඉල්ලීම

Published

on

By

වර්තමානයේ දී සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත විවිධ යෙදවුම් තුලින් (YouTube, Tik tok හා Facebook) සිදුකරනු ලබන රූප රචනා, ගීත හා කෙටි වීඩියෝ සඳහා යුද්ධ හමුදා නිල ඇඳුම් අනුමැතියකින් තොරව යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානිකර අන්දමින් භාවිත කිරීමේ ප්‍රවනතාවයක් මතුව ඇති බවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය පවසයි.

මෙලෙස යුද්ධ හමුදා නිල ඇදුම් අවසරයකින් තොරව නිර්මාණ කටයුතු සඳහා භාවිත කිරීම නීති විරෝධි ක්‍රියාවක් වුවද බොහෝ දෙනා තම නොදැනුවත්කම මත මෙවැනි ක්‍රියාකාරකම් සිදුකරන බවද පෙනෙන්නට ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

මෙලෙස නොදැනුවත්කමින් සිදුකර ක්‍රියාවන් හේතුවෙන් මව්බිම වෙනුවෙන් තම ජිවිත, අවයව පූජාකල යුද්ධ හමුදා සාමාජිකයින් පැලදි හා අදටත් මෙම දේශය ආරක්‍ෂා කරන යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා ගෞරවයෙන් හා අභිමානයෙන් පලදින නිල ඇදුමක් මෙවැනිවූ ක්‍රියාකාරකම් සඳහා භාවිත කිරීම මගින් සමස්ත යුද්ධ හමුදා ප්‍රතිරූපයටම හානියක් සිදුවන අතර, දශක තුනකට ආසන්න කාලයක් පුරා මව්බිම වෙනුවෙන් තම ජීවිතය කැපකල රණවිරුවන්ද හෑල්ලුවට ලක් වන බව එම නිවේදනයෙන් ජනතාවට දැනුම් දී ඇත.

එබැවින් ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කර යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානි කරන මෙවැනි දේ සිදුකිරීමෙන් වලකින ලෙසට  ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය සිය නිවේදනයෙන් සියළු ශ්‍රී ලාංකිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා තිබේ.

Continue Reading

පුවත්

රජයේ වාහන දෙකකට වඩා ළග තබාගෙන සිටින හිටපු ජනාධිපතිවරුන්ට දැනුම්දීමක්

Published

on

By

රජයේ වාහන දෙකකට වඩා ළග තබාගෙන සිටින හිටපු ජනාධිපතිවරුන්ට එම අතිරේක වාහන වහාම භාරදෙන ලෙසට ජනාධිපති ලේකම්වරයා ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යවරුන්ගේ කාර්යන් සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රජය උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණි.

ඊට අනුව අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ට පරිහරණය කිරීම සඳහා වෙන්කරන ලද නිල වාහන සංඛ්‍යාව උපරිම වශයෙන් දෙකක් ලෙසයි සඳහන් කර ඇත.

එහෙත් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් අදාළ උපදෙස් වලට අනුව ක්‍රියා කරද්දි තවමත් හිටපු ජනාධිපතිවරුන් වාහන දෙකකට වඩා භාවිත කරන බවට තොරතුරු ලැබී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved