පුවත්

දුම්රිය පාලම් 850ක් අබලන්

Published

on

සුප්‍රසිද්ධ දෙමෝදර ආරුක්කු නවය පාලම ඇතුළු දුම්රිය පාලම් 850ක් පමණ මේ වන විට අබලන්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

කිලෝමීටර 1500ක් පමණ වන දුම්රිය මාර්ගයේ පිහිටි පාලම් 1375න් පාලම් 850ක් හෙවත් සියයට 50කට වැඩි ප්‍රමාණයක් අබලන්ව ඇති බව කී එම නිලධාරියා එම පාලම්වලින් වැඩි සංඛ්‍යාවක් ඉංග්‍රිසී පාලන සමයේ ඉදිරි කළ වසර 100කට වඩා පැරණි ඒවා බව ද සඳහන් කළේය.

මෙම පාලම් 850ට ඉපැරණි පාලම් රැසක් ද ඇතුළත්ව ඇති බවත් එය තවදුරටත් විනාශ වීම වැලැක්වීම සඳහා එම පාලම් මතින් දුම්රිය ධාවනයේදී ඉතාමත් අඩු වේග සීමාවක් හදුන්වාදී ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.

(ලංකාදීප)

Trending

Exit mobile version