පුවත්

දුම්රිය – බස් මගීන්ට ටිකට් වෙනුවට QR කේතයක්

Published

on

දුම්රිය හා බස් මගීන් සඳහා ප්‍රවේශපත්‍ර වෙනුවට QR කේතයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

මේ වසර තුළදී එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇතැම් බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් නියමිත මගී ප්‍රවාහන ගාස්තු ඩිපෝ වෙත ලබා නොදෙන බවත්, දුම්රිය තුළ ද මෙය සිදු වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

මේ හේතුවෙන් නව QR ක්‍රමයක් හරහා ප්‍රවේශ පත්‍රය තමන්ටම ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇති කරන බව අමාත්‍යවරයා පැවසීය.

Trending

Exit mobile version