දුම්රියේ වහලය මත ගමන් කළ අවුරුදු 20ක තරුණයෙකු හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අනතුරකට ලක්ව ඇත.
මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ වහලය මත නැගී පැමිණි අදාල තරුණයා හොරපේ දුම්රිය ස්ථානයේ වහලයේ ගැටී අනතුරට ලක්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවෙකු යැයි තහවුරු නොවූ තොරතුරු වලින් අනාරණය වී ඇතැයි පොලීසිය කියයි.
අනතුරින් බරපතළ තුවාල ලැබු තරුණයා එම ස්ථානයේ දීම මියගොස් ඇත.
දුම්රිය රියදුරන් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා වී ඇති අතර, මේ හේතුවෙන් සෙනඟ පිරී ගිය දුම්රිය වල ජනතාව අනතුරුදායක ලෙස ගමන් කරන බව වාර්තා වේ.