දුම්රිය වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ අද (11) පස්වරුවේ පැවති විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවය.
(පෙර පුවත 2024 ජූලි 11, ප.ව.6:56)
දුම්රිය වර්ජකයන්ට සේවය අතහැර ගියා සේ ලිපිය යවයි (Update)
වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය සේවකයින් සඳහා “සේවය හැරගියා සේ සලකා” ලිපි නිකුත්කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු පැවසුවේ, රටේ පවතින නීතියට අවනත නොවී වැඩවර්ජන සිදුකිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එම ලිපි නිකුත්කළ බවය.
අද පස්වරුවේ (11) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, දුම්රිය සාමාන්යධිකාරිවරයා විසින් එම ලිපි මේ වන විට වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිරුන්ට යවා ඇති බවය.
(පෙර පුවත 2024 ජූලි 11, ප.ව.2:28)
දුම්රිය වර්ජකයන්ට සේවය අතහැර යාමේ ලිපිය නිකුත් වෙයි?
දුම්රිය වර්ජනයට සහභාගි වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට සේවය හැර යෑමේ ලිපි සූදානම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම සේවය හැර යෑමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමුකර ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය. දුම්රිය ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකයන් සහ දුම්රිය උප ස්ථානාධිපතිවරු එම වර්ජනයට සහභාගි වී සිටිති.
මේ අතර දුම්රිය වර්ජනය හේතුවෙන් ගුවන් යානා ඉන්ධන ප්‍රවාහන ගමන් වාර 12 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම ගමන් වාර 12 න් ලැබීමට තිබූ විශාල ආදායමක් ඒ හේතුවෙන් අහිමිවී ඇතැයි ද එම නිලධාරියා කීය.