පුවත්

දුම්රිය වර්ජනය අත්හිටුවයි

Published

on

දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රමුඛ දුම්රිය වෘත්තිය සමිති තුනක් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (11) දා මධ්‍යම රාත්‍රියේ අත්හිටුවීමට තීරණය කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ වර්ජනයේ නිරත දුම්රිය පාලක සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරු එළැඹුණු එකඟතාවලට අනුව අදාළ තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 වන විට සේවයට වාර්තා කරන නිලධාරින් වෙනුවෙන් කිසිඳු විනය ක්‍රියාමාර්ගයක්‌ නොගන්නා බවට අමාත්‍යවරයා සමිති නිලධාරින් වෙත දැනුම් දී තිබේ.

Trending

Exit mobile version