පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරුන් හෙට ලෙඩ වෙයි?

Published

on

දුම්රිය ස්ථානාධිපතිවරුන් 922කගේ උසස්වීම්, බඳවාගැනීම් ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ඇමති මණ්ඩලයෙන් නොලැබුණහොත් හෙට (23) සිට යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයට යාමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.

එම සංගමයේ සභාපති සුමේධ නවරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, සිය ඉල්ලීම් 13ක් අතුරින් ඉල්ලීම් 6කට විසඳුම් ලබාදීමට ඇමතිවරයා පොරොන්දු වූ බවත් අද ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවට අනුව විසඳුම් අපේක්ෂා කරන බවය.

කෙසේ නමුත්, එම ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ දුම්රිය සේවකයන් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුනහොත් ඔවුන් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මින්පසු දුම්රිය වර්ජන නොමැති බවත්, දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස ගැසට් පත්‍රයකින් ප්‍රකාශ කර ඇති බවත් දුම්රිය ක්ෂේත්‍ර සම්බන්ධව ගැටලුවක් පවතින්නේ නම් සාකච්ඡා කර විසඳුම් ලබාගැනීමට හැකි බවය.

එමෙන්ම ජනතාව පීඩාවට පත්වන අන්දමේ වර්ජන කළහොත් රැකියාවෙන් ඉවත් කරන බවද, ඔවුන් ලංකාවේ නීතියට ගරු කළ යුතු බවද රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

සබැඳි පුවත්
https://sinhala.srilankamirror.com/news/බන්දුලගෙන්-දුම්රිය-සේවකය/

Trending

Exit mobile version