වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු කාර්යමණ්ඩලවල නිවාඩු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ. ඩී.එස්.ගුණසිංහ මහතා සඳහන් කළේ, දුම්රිය සේවාව අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා එම පියවර ගත් බවය.
මෙම නිවේදනය සිදුකරනු ලැබුවේ රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ක්‍රියාකාරකම් වලට විරෝධය පළ කරමින් අද මධ්‍යම රාත්‍රී සිට පැය 24ක අඛන්ඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව ලොකොමොටිව් දුම්රිය රියදුරු සංගමය නිවේදනය කිරීමත් සමගයි.