දුම්වැටි භාවිතය හේතුවෙන් මෙරට දෛනිකව මරණ පනස් පහක් (55) සිදුවන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
එසේම වර්ෂයකට දුම්වැටි භාවිතය හේතුවෙන් අකල් මරණ විසිදහසක් සිදුවනබව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ශ්‍රි ලාංකික ජනතාව දෛනිකව රුපියල් මිලියන හාරසියයක මුදලක් දුම්වැටි සඳහා වියදම් කරනු ලබයි.
මෙරට දුම්පානය සඳහා හුරුවන බහුතරයක් අඩු ආදයම්ලාභි පවුල්වල පුද්ගලයන් බව මෙම මධ්‍යස්ථානය සිදුකළ සමික්ෂණයකින් තහවුරු කරගෙන තිබේ.
මේ අතර, ඉලෙක්ට්‍රොනික දුම්වැටිවලට මෙරට ළමුන් සහ තරුණයන් ඇබ්බැහිවීම වැඩිවී ඇති බවත්, එය සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට හේතුවී ඇති බවත් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වත්සලා ගුණසිංහ මහත්මිය පවසයි.
ලෝක දුම්වැටි දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවේී ඇය මේ බව සඳහන් කළාය .