පුවත්

දුමින්ද, ළහිරු ඇතුළු 4ක් රිමාන්ඩ්

Published

on

ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ (20) කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් සිව්දෙනෙක් මාර්තු 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කර තිබේ.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ කාන්තාවකි.

ඊට අමතරව අධිකරණයට ඉදිරිපත් කළ තවත් 05 දෙනෙකු හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ඔවුන්ව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටත් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර ඇත.

Trending

Exit mobile version