පුවත්

දුරස්ථ ග්‍රහණ පිළිබඳ ආසියානු සමුළුව ලංකාවේදී තියන්න යයි

Published

on

දුරස්ථ ග්‍රහණ පිළිබඳ 45 වන ආසියානු සමුළුව, 2024 ඔක්තෝබර් – නොවැම්බර් අතර දින 05ක කාලයක් තුළ කොළඹදී පැවැත්වීමට යෝජනා වී ඇති අතර, එම සමුළුව මෙරටදී පැවැත්වීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ජාතික සංවර්ධන කාර්යයන්හිදී දුරස්ථ ග්‍රහණ තාක්ෂණයේ (Remote Sensing Technology) වැදගත්කම සැලකිල්ලට ගනිමින් ආසියානු-පැසිෆික් කලාපයේ රටවල් විසින් දුරස්ථ ග්‍රහණය පිළිබඳ ආසියානු සංවිධානය පිහිටුවා ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව ද එහි ආරම්භක සාමාජිකයෙකු වේ.

Trending

Exit mobile version