පුවත්

දුෂණ වලට සම්බන්ධ රාජ්‍ය නිලධාරිනගේ අධිභාර අය කිරිම අරඹයි

Published

on

විගණන පනතේ නව ප්‍රතිපාදන යටතේ වංචා හා දූෂණවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරින්ගෙන් අධිභාර සියල්ල අයකිරීම ආරම්භ කළ බව ජාතික විගණන කොමිෂන් සභාව පවසයි. 

ජාතික විගණන කොමිසම සඳහන් කල  පරිදී, වංචාවක්,දුෂණයක් හා අක්‍රමිතාවක් මඟින් රජයට අලාභයක් සිදු කිරීම හා එය පවතින නීතියට පටහැනි ලෙස කිරීම යන චෝදනා 02කට වරදකරුවන් වන පුද්ගලයින්ගෙන්  අධිභාර අයකරනු ලබයි.

ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියාට නියෝග පැනවීමට විගණන කොමිසමට හැකියාව ඇත. 

ඒ අනුව උචිත ලෙස අධිභාර පැනවිය යුතු රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු මේ වනවිට හඳුනා ගෙන ඇත.

එමෙන්ම අධිභාර පැනවීමට එරෙහිව ඔවුන්ට අභියාචනා යොමු කිරීමට හැකියාවද පවති.

තවද ඒ සඳහා අභියාචනා කමිටුවක් පිහිටුවිය යුතු අතර ව්‍යවස්ථාදායක සභාව එම කමිටුව මෙතෙක් එය පත්කර නොමැති බැවින් අධිභාර පැනවිම  ප්‍රමාද කර ඇති බව ජාතික විගණන කොමිසම ප්‍රකාශ  කරයි.

Trending

Exit mobile version