බංගම පොලිස් වසමට අයත් දෙදියගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට එල්ල කල වෙඩි තැබීමකින් බරපතළ තුවාල ඇත.
ඊයේ (28) රාත්‍රී කාලයේ දී වෙඩිතැබීම සිදුව ඇති බවට පොලීසිය සඳහන් කරයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු 25 හැවිරිදි දෙදරු මව ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම වෙඩිතැබීම, තුවාල ලැබු කාන්තාවගේ සහෝදරියගේ සැමියා විසින් පවුල් ආරවුලක් මත සිදුකර ඇතැයි අනාවරණය වී ඇති අතර, අකුරැස්ස පොලිස් නිලධාරීන් විසින් අද (29) අලුයමදී වෙඩිතැබීම සිදුකළ ගිනිඅවිය සමග සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 38 හැවිරිදි ලේනම අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහුව අද (29) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.