නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තමා ජාතිය ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙකු ලෙස නම් කිරීම නිසි ආකාරයට, නීත්‍යානුකූලව සිදූ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
අද (21) උදෑසන 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවී කරුණානායක මහතා මේ බව සඳහන් කලේය.
ඔහු පවසා සිටියේ සිය පත් කිරීම තුළින් ගැටලුවක් නිර්මාණය කරගෙන ඇත්තේ 2%ක පමණ පිරිසක් බවය.
එක්සත් ජාතික පක්ෂය නමැති දැවැන්ත පක්ෂය නැවත ගොඩනඟමින් කටයුතු කිරීම තමාගේ අපේක්ෂාව බවද රවී කරුණානායක මහතා මෙහිදී පවසා සිටියේය.
“මට අවශ්‍යවන්නේ නැවත එක්සත් ජාතික පක්ෂය යථා තත්වයට පත් කරලා එතනට ගෙනියන්න, මේ දෙන්නෙක්ට තියෙන රුදාවකට මුළු පක්ෂයම බිලි දෙන්න ඉඩ දෙන්න අපිට බැහැ”