පුවත්

දෙපාරක් කළ, තුන්වැනි වරටත් ඉල්ලා බැරිවූ විධායක ජනපතිකම මහින්දටත් එපා වෙයි

Published

on

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තම සහාය හිමිවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ජනතාවගේ ඉල්ලීම ද එය බව තමාට වැටහෙන බවය.

“අවුලක් නැහැ. නැති කළොත් හොඳයි. මම හිටපු එකනේ. අද රටම කියන්නේ නැති කරන්න කියලනේ. “

රාජපක්ෂ මහතා දෙවරක්ම විධායක ජනපතිවරයා ලෙස මහජන ඡන්දයෙන් තේරී පත්වූ අතර ඒ මහතා තෙවැනි වරටත් එම ධූරයට පත්වීමට තරඟ වැදුණද ඉන් පරාජයට පත් විය.

Trending

Exit mobile version