ඉලංගෙයි තමිල් අරසු පක්‍ෂයේ නායකයා ලෙස, එස්. ශ්‍රීධරන් මහතා තේරී පත්විය.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා තෝරා පත් කර ගැනීමේ රහස් ඡන්දය අද (21) පෙරවරුවේ පැවැත්වුයේ, ත්‍රිකුණාමලය නගර සභා ශාලාවේදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන්, එස්. ශ්‍රීධරන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිනීතම්බි යෝගේස්වරන් යන තුන්දෙනා පක්‍ෂයේ නායකත්වයට තරග කළේ ය.
ශ්‍රීධරන්ගේ ජයග්‍රහණය දෙමළ ජාතික ජයග්‍රහණයක් ලෙස දේශපාලන විචාරකයින් හඳුන්වනු ලබයි.
ඒ අනුව ඉදිරියේදී දෙමළ ජාතිකත්වයට වැඩි අවස්ථාවක් හිමිවනු ඇතැයි ද පැවසේ.