පුවත්

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහයත් සජිත්ට

Published

on

මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිමිවන බව අද (06) ප්‍රකාශ කලේය.

දෙමළ ප්‍රගතිශීලි සන්ධානය මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ අතර, ඊට එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මෙන්ම නියෝජ්‍ය නායකවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී පී.දිගම්බරන් සහ වී.රාධ ක්‍රිෂ්ණන් ද එක්විය.

මේ අතර, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ උත්තරීත්තර මණ්ඩලය වැල්ලවත්තේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී රැස් වීමට නියමිතව තිබේ.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් කියා සිටියේ, ඉන් අනතුරුව ජනාධිපතිවරණයේදී සහාය දෙන අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවය.

ඉදිරි ජනධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද තීරණය කලේය.

එම පක්ෂය මෙම තීරණය ගනු ලැබුවේ පසුගියදා පැවති එම පක්ෂයේ උත්තරීත්තර මණ්ඩල රැස්වීමේදීයි.

Trending

Exit mobile version