පුවත්

දෙමළ ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන පරික්ෂණයක්

Published

on

මධ්‍යම පළාතේ පාසල්වල 8 ශ්‍රේණිය හා 9 ශ්‍රේණියේ දෙමළ ප්‍රශ්න පත්‍රය පිළිබඳ ඇති වු ගැටලුව සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකොන් මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ සොයා බැලීමට 05 දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් පත් කළ බවය.

පසුගිය 21 වැනිදා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සිංහල මාධ්‍ය සිසුන් සඳහා ලබා දුන් දෙමළ ප්‍රශ්න පත්‍රය පිළිබඳ ගැටලුවක් ඇති විය.

ඒ 9 ශ්‍රේණිය හා 8 ශ්‍රේණිය සඳහා එක හා සමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රයක් ලබා දීම හේතුවෙනි.

ඒ අනුව 9 ශ්‍රේණියේ සිසුන් සඳහා ලබන 25 වැනිදා නැවත දෙමළ ප්‍රශ්න පත්‍රයක් ලබා දී දෙවන වාර පරික්ෂණය පවත්වන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Trending

Exit mobile version