Connect with us

පුවත්

දෙමළ මන්ත්‍රීලාටත් මිනිස්සු කුණු තක්කාලි ගහලා!

Published

on

ජාත්‍යන්තර මානව හිමිකම් සුරැකීමේ දිනය යෙදුණු පෙරේදා (10) වවුනියාව දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීහු දෙමළ මන්ත්‍රිවරුන්ගේ රුව රැගත් බැනරයකට කුණු තක්කාලි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

දෙමළ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා දෙමළ දේශපාලන පක්ෂ නායකයන් තමන් රවටමින් සිටින බවට අතුරුදන්වූවන්ගේ ඥාතීහු චෝදනා කරති.

දෙමළ දේශපාලන පක්ෂ මන්ත්‍රිවරුන් අතුරුදන්වූවන්ගේ ගැටලුව වෙනුවෙන් විසඳුම් ලබා ගැනීමට නිසි මැදිහත්වීමක් නොදක්වන බවද අතුරුදන්වූවන්ගේ ඥාතීහු සඳහන් කළහ.

මෙරට පාලකයන් සමග සාකච්ජා කිරීමෙන් ප්‍රයෝජනයක් අත් නොවන බැවින්, ඇමරිකාව හෝ යුරෝපා සංගමය මැදිහත්වී අතුරුදන්වූවන්ගේ ගැටලුවට විසඳුම් ලබා දියයුතු බවට ඉල්ලීම් කරමින් අදාළ පිරිස උද්ඝෝෂණයකද නිරත විණ.

උද්ඝෝෂණයට එක්වූ අතුරුදන්වූවන්ගේ ඥාතීන් දෙමළ මන්ත්‍රිවරුන් වෙත විරෝධය පළ කිරීම වෙනුවෙන් ඔවුන්ගේ රුව සහිත බැනරයකට නරක්වූ තක්කාලිවලින් පහරදුන්නේය. අතුරුදන්වූ තම ඥාතීන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් පෙරේදා (10) දිනය වන විට දින 2120 ක් වවුනියාව දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීහු අඛණ්ඩ උපවාසයක නිරතව සිටිති.

වවුනියාව නගරයේදීද, මුලතිව් දිස්ත්‍රික්කයේදී ද මෙම විරෝධතා පැවැත්වූහ.

සබැඳි පුවත්
ජනපති – TNA සාකච්ඡාවලට කලින් ඉන්දීය බුද්ධි ප්‍රබලයන් 2ක් යාපනයට

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved