පුවත්

දෙල්කඳ ගෝරි බාබර් රිමාන්ඩ්!

Published

on

නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර බලපෑම් එල්ල කළැයි කියන සිද්ධියට අදාළ නර්තන ශිල්පියකු සහ සැලුනයක හිමිකරු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙණීය මහත්මිය අද (09) නියෝග කළාය.

සැකකරු මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කර මානසික වෛද්‍ය වාර්ථාවක් කැඳවන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

සැකකරු සිද්ධිය වූ අවස්ථාවේදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි යන්න පරීක්ෂා කර බැලීම සඳහා ඔහුගේ රුධිර සාම්පලයක් ලබාගෙන වාර්තාවක් කැදවීම සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසටද මෙහිදී මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාරයට නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ලුණුවිල වත්ත, බටදූව පදිංචි අමේෂ් නුවන්ත නැමැති මහරගම ප්‍රදේශයේ සැලූනයක් පවත්වාගෙන යන පුද්ගලයෙකි.

සැබැදි පුවත්:

දෙල්කඳ දී පොලිසියට පාර්ට් දැමූ කරණවෑමියා මිරිහාන පොලිසියට බාර වෙයි

Trending

Exit mobile version