Connect with us

පුවත්

දෙවැනි මනාපය අපිට වැදගත් නෑ – NPP

Published

on

සිය සලකුණ ඉදිරියෙන් කතිරයක් සලකුණු කිරීම පමණක් ප්‍රමාණවත් බවත් පළමු දෙවැනි මනාප සලකුණු කිරීම වැදගත් නොවන බවත් ජාතික ජන බලවේගය (NPP) සිය පාක්ෂිකයන්ට දැනුම් දෙන බව ජාතික ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කියයි.

සෙසු ප්‍රධාන අපේක්ෂකයන් වෙන් වෙන්ව තරග කළත් එකම කුලකයකට එකම පවුලකට අයත් පිරිසක් බැවින් අවසන් මොහොතේ දී ඔවුන් අනෙකාට දෙවැනි තෙවැනි මනාප පළ කරන ලෙස ඉල්ලා සිටිය හැකි බවත් නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 

රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය සජිත්ට දෙවැනි මනාපය යෝජනා කරන්නේ නම් හෝ සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වය රනිල්ට දෙවැනි මනාපය යෝජනා කරන්නේ නම්, එයින් පෙනී යන්නේ රට විනාශ කළ මේ සියලු දෙනාම එකම කණ්ඩායමක් බව යැයි ද ඔහු වැඩිදුරටත් කීය.

බංකොලොත් දේශපාලනඥයන් ආගම ඉදිරියට රැගෙන ජාතික ජන බලවේගයට පහරදීමට උත්සාහ කරමින් සිටින බවද නලින්ද ජයතිස්ස මහතා කියා සිටී. 

ව්‍යවස්ථානුකූලව බුදු දහමට සිය ආණ්ඩුවක් යටතේ ප්‍රමුඛස්ථානය ලැබෙන බවත් මහනාහිමිවරුන් සහ මහා සංඝරත්නය ඒ පිළිබඳව දැනුම්වත් කර ඇති බවත් ඔහු පැහැදිලි කර සිටියේය. 

එසේම විකෘති කොට අදහස් දක්වමින් ජාතික ජන බලවේගය බුදු දහමට විරෝධී යැයි පැවසූ ආනන්ද සාගර හිමියන් වෙත එන්තරවාසියක් ද යවා ඇතැයි ඔහු අනාවරණය කළේය.

මූලාශ්‍රය – දේශය

පුවත්

පොහොර තොග සඟවන වෙළෙන්දන්ට අනතුරු ඇඟවීමක්

Published

on

By

පොහොර තොග සඟවන වෙළෙන්දන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමර්ග ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි .

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, යළ කන්නයට ප්‍රමාණවත් පොහොර තොග මෙරට ඇති බවය.

එහෙත් ඇතමුන් මෙරට පොහොර හිඟයක් මවා පෑමට උත්සහ දරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඔහු සඳහන් කළේ යූරියා පොහොර තවත් ප්‍රමාණයක් යළ කන්නය සඳහා අවශ්‍ය බවය.

එම අවශ්‍ය පොහොර මෙට්ට්‍රික් ටොන් පහලොස් දහසක් ප්‍රමාණයද මෙරටට ගෙන ඒමට පියවර ගෙන තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි .

Continue Reading

පුවත්

සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් ඉරානයෙන් ඊශ්‍රායලට මිසයිල (UPDATE)

Published

on

By

ඉරාන – ඊශ්‍රායල යුද්ධය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය කඩ කර ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන කාල සීමාවේදී ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බවය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඉරානය සිදුකළ පහරදීමට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානම් බවය.

ඒ අනුව ඉරානය විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමට එරෙහිව බලගතු ප්‍රචාරයක් දක්වන ලෙස තමන් ඊශ්‍රායල හමුදාවට උපදෙස් ලබා දුන් බවද ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.


(පෙර පුවත : පස්වරු 1.08 – 2025/06/24 )

ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයට එකඟ වෙයි

ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ වූ බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් තහවුරු කර තිබේ.

ඒ එරට අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා නිවේදනයක් නිකුත් කරමින්.

මේ අතර,,ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සටන් විරාමය ආරම්භ වී ඇති බවයි.

ඉරානය සහ ඊශ්‍රායලය අතර, සටන් විරාමය  ක්‍රියාත්මක බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍යයෙහි සටහනක් තබමින් පවසා තිබූ පසුබමක ෙදෙරට එම සටන් විරාමයට එකඟතාවය පළ කර තිබේ.

Continue Reading

පුවත්

අගමැතිනිය කැනඩාවට

Published

on

By

උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගොස් තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස මෙලස කැනඩාව බලා පිටත්ව ගි⁣යා ය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය ජූනි 24 සිට 26 දින දක්වා කැනඩාවේ වැන්කුවර් හිදී පැවැත් වේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් ළමා සහ කාන්තා අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, ගුරු අධ්‍යාපනය,  ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ ඩිජිටල් තාක්ෂණය සක්‍රීය ඉගෙනීම සඳහා දායක කර ගැනීම යන ක්ෂේත්‍ර පිළිබඳ  විශේෂ අවධානයක් යොමු කෙරේ.

එසේම නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා ආයෝජනය කිරීම, ආයතන සහ සංවිධානවල ඩිජිටල් පරිවර්තනයට සහාය වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම, අධීක්ෂණ සහ ඇගයීම් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම යන  කරුණු පිළිබඳව ද මෙහිදී  සාකච්ඡා කිරීමට නියමිතය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved