පුවත්

දෙවැනි ලෝක යුද සමයේ ගුවන්යානා 2ක් එකිනෙක ගැටෙයි (වීඩියෝ)

Published

on

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවති ගුවන් සංදර්ශනයක් අතරතුරදී දෙවැනි ලෝක යුද සමයේ  ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

ගුවන් යානා දෙකෙහි සිටි පුද්ගලයින් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ප්‍රවීණයන්ගේ දිනයට සමගාමීව පවත්වා ඇති මෙම ගුවන් සංදර්ශනයේදී මෙලෙස අනතුරට පත්ව ඇත්තේ Boeing B-17 වර්ගයේ ගුවන් යානයන් සහ P-63 Kingcobra ගුවන් යානයකි.

දෙවන ලෝක යුද්ධයේදී ජර්මනියට එරෙහි ගුවන් යුද්ධය ජයග්‍රහණය අත්පත් කරගැනීමේදී Boeing B-17 බෝම්බ හෙළීමේ යානය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබුණි. P-63 Kingcobra යානයද දෙවැනි ලෝක යුද්ධයේදී භාවිතා කෙරුණද, සෝවියට් ගුවන් හමුදාව විසින් පමණක් සටන් වලදී භාවිතා කරන ලද්දකි.

(වීඩියෝ : බීබීසී)

Trending

Exit mobile version