පුවත්

දෙවුන්දර වෙඩි තැබීමකින් 2ක් මරුට

Published

on

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිණි අවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව වාර්තා වේ.

යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනාගේ යහලුවෙකුගේ උපන් දිනය සාදයක් දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති අතර, එයට සහභාගි වී නැවත සිය නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී පසුපසින් පැමිණි වැන් රථය යතුරු පැදියේ හප්පා තරුණයින් දෙදෙ⁣නාට ඉන් අනතුරුව මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.

වෙඩි තැබිම සිදුවූ ස්ථානයේ ටී-56 උණ්ඩ කොපු 39ක්, ජීව උණ්ඩ 02ක්ද, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 02ක් හා ජීව උණ්ඩ 02ක් සොයා ගැනීමට ද පොලිසියට හැකිවි ඇත.

වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරන වෑන් රථයක් වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක ගිණි තබා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

එය තුළ ටී-56 තුවක්කුවකට යොදන මැගසීනයක් හා තවත් ටී-56 උණ්ඩ කොපු හමුවී තිබේ.

මෙම වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවිනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි යොමේෂ් නදිෂාන් හා පසිදු තාරුක නැමති 28 හැවිරිදි වයසේ පසුවන තරුණයන් දෙදෙනෙකි.

වෙඩි තැබීම සිදුවු ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහෙස්ත්‍රාත් මාලන් ශිරාන් ජයසුරිය මහතා විසින් අද (22) අලුයම් කාලයේදිම සිදු කරන ලදි.

Trending

Exit mobile version