පුවත්

දෙහිවල අයෙක් කපා කොටා මරලා

Published

on

දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ දෙහිවල, අවුබර්න් සයිඩ් ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ පුද්ගලයා කපා කොටා ඝාතනය කළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.

Trending

Exit mobile version