Connect with us

පුවත්

දේශබන්දුට විශේෂ ආරක්ෂාවක් (UPDATE)

Published

on

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔහු මේ වන විට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත සිර මැදිරියක රඳවා සිටී.

අධිකරණ නියෝග මත එලෙස විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගත් බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එක් දිනක් රක්ෂිත බන්ධනාගාරගත කළ අතර යලිත් ඊට පසු දින අධිකරණයට ඉදිරිපත් කළේ ය.

එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා යළි යලි අප්‍රේල් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් ය මොහුට විරුද්ධව චෝදනා එල්ල වී ඇත.

(පෙර පුවත 2025 මාර්තු 20 පෙ.ව.7.49)

දේශබන්දුට පිටින් කෑම ඉල්ලයි; නඩුවට චෝදනා 9ක් 

තමාට පිටතින් ආහාර ලබා ගැනීමට අවසර ලබා දෙන්නැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ අධිකාරිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

සාමාන්‍යයෙන් බන්ධනාගාරගත සැකකරුවන්ට පිටතින් ආහාර ලබා ගැනීමට අදාළ බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කළ හැකි අතර ඒ අනුව මෙම ඉල්ලීම කර තිබේ.

ඒ අනුව බොහෝ දුරට ඔහුට පිටතින් රැගෙන එන ආහාර ලබා ගැනීමට දුම්බර බන්ධනාගාරයෙන් අද දිනයේදී අවසර හිමි වනු ඇතැයි වාර්තා වේ.

මේ අතර, දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව චෝදනා 9ක් යටතේ අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව වාර්තා වේ.

ඒ චෝදනා අතර වැලිගම  ප්‍රදේශයේ W 15 හෝටලයට ගිනි අවියකින් වෙඩි තබා අනර්ථයක් සිදු කිරීමත් ඒ සඳහා පොලීසියේ ප්‍රධානියා ලෙස පොලිස් නිලධාරින් 8ක් නීතිවිරෝධි රැස්වීමක සාමාජිකයන් ලෙස යොදා ගැනීමත් ඇතුළත්ව ඇත.

ඊට අමතරව රාජකාරි කටයුත්තක් නොවන පෞද්ගලික අභිමතාර්ථයක් ලෙස සාපරාධි බියගැන්වීම සඳහා පොලිස් නිලධාරින් පිරිසක් සමඟ කුමන්ත්‍රණය කිරීම සහ බොරු සාක්ෂි ගෙතීම ඇතුළු චෝදනා ද අන්තර්ගතය.

පුවත්

කෙහෙළිය පවුලටම අධිචෝදනා

Published

on

By


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

චෝදනා 43ක් යටතේ මෙම අධිචෝදනා ගොනුකර තිබේ.

Continue Reading

පුවත්

බූස්සේ ගෙල වැලලාගත් රැඳවියෙක් මරුට

Published

on

By

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු අද (26) දහවල් ගෙල වැලලාගෙන තිබේ.

සිරමැදිරියේ ගෙල වැලලාගෙන සිටියදී නිලධාරීන් විසින් ඔහුව මුදාගෙන රෝහල්ගත කර තිබේ.

රැඳවියා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බිම්සර අමල් නමැති කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වේ.

Continue Reading

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved