මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එම විශ්වාස භංග යෝජනාවට පක්ෂව සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබා දෙන බව අද (25) පැවති වැඩමුළුවකදී ප්‍රේමදාස මහතා පැවසීය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කරනු ලැබුවේආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවත් පසුගිය රජය සමයේ සමගි ජන බලවේගය දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
මෙම පත්කිරීමට හිටපු ජනාධිපතිවරයා සේම කතානායකවරයා ද වගකිව යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.