ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධයක් සිදු කළ අයෙක් බවත් ඔහු පොලිස්පති නොකළ යුතු බවත්, හිටපු මධ්‍යම පළාත් ආණ්ඩුකාර හා නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා කියයි.
ඔහු කියා සිටින්නේ ගෝඨා ගෝගමට පහර දුන් මැර කණ්ඩායම ගෝල්ෆේස් වටරවුම ආසන්නයෙන් පොලිසිය යොදා ජලය හා කඳුළු ගෑස් ප්‍රහාර දී නවත්වන ලෙස එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාගේ අණ නොතකකා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කිරීමෙන් විශාල විනාශයක් සිදු කර ඇති බවයි.
එම තීන්දුව නොගැනීම නිසා නිවාස 101 ක් විනාශ වූ බවත්, එම නිසා ජනපති හා පොලිස්පතිගේ අණ ක්‍රියාත්මක නොකළ දේශබන්දුට එරෙහිව නඩුවේ තීන්දුව මාර්තු 27 වැනිදා ප්‍රකාශයට පත්කරණ බව අභියාචනාධිකරණ විනිසුරු සභාපති බන්දුල කරුණාරත්න මහතා හා මරික්කාර් විනිසුරුතුමා විසින් නියෝග කර ඇතැයි ද ඔහු කීය.