Connect with us

පුවත්

දේශබන්දු ගැන උසාවියට කියන්න අනුරටත් අවස්ථාවක්

Published

on

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර ලබා දී තිබේ.

එමෙන්ම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති තරිඳු ජයවර්ධනගේ ඉල්ලීමක් අනුව මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර දුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම නඩුවට අදාලව විරෝධතා ඇත්නම් ගොනු කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මහත්මිය ඇතුළු පාර්ශ්ව 8ක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදියේ කැඳවන ලදී.

⁣මුලින් මෙම පෙත්සම් විනිසුරු නිලමැදිරියේදී කැඳවනු ලැබූ අතර පසුව එය කැඳවනු ලැබුව් විවෘත අධිකරණයේදීය.

මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කරන ලෙස වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා මෝසමක් මගින් ඉල්ලා තිබුණු අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ද මෝසමක් මගින් ඉල්ලා තිබුණි.

ඒ අනුව පූර්ණ විනිසුරු මඩුල්ලක් සඳහා වන ඉල්ලීම අගවිනිසුරු වෙත යොමු කරන ලෙස ලේඛකාධිකාරීයට ⁣නියෝග කළ අධිකරණය එමගින් මෙම පෙත්සම් විභාග කර අවසන් කිරීම මෙම විනිසුරුමඩුල්ලටම නොහැකි බවට හෝ මෙම විනිසුරු මඩුල්ල ඉවත්වූ බවක් අදහස් නොවන බව ද සඳහන් කලේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ ජෙෆ් අලගරත්නම්, නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නීතිඥ සුරේන් ප්‍රනාන්දු ඇතුළු නීතිඥවරු කණඩායමක් පෙනී සිටි අතර වගඋත්තරකාර දේශබන්දු තෙන්නකේන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතාද, වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙ⁣රේරා මහතාද ඇතුළු පිරිසක් පෙනී සිටියේය.

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved