බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අත්සන් තබා කථානායකවරයා වෙත භාරදුන් යෝජනාවෙන් ඔහුට එරෙහිව දූෂණ චෝදනා 27ක් එල්ලකර තිබේ.
මන්ත්‍රීවරු 115 දෙනෙකු අත්සන් තබන ලද එම යෝජනාව අද (25) දහවල් කථානායකවරයා වෙත භාරදී තිබුණි.
අදාළ දූෂණ චෝදනා 27 පහතින් දැක්වෙයි,
(පෙර පුවත 2025 මාර්තු 25 ප.ව.1.28)
දේශබන්දු ධුරයෙන් ඉවත් කරන ආණ්ඩුවේ යෝජනාව කථානායක වෙත
බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට ජාතික ජන බලවේග මන්ත්‍රීවරු අත්සන් තබා තිබේ.
ඒ අනුව මන්ත්‍රීවරු 115 දෙනෙකු අදාළ යෝජනාවට අත්සන් තබා ඇති අතර, එම යෝජනාව අද (25) දහවල් කථානායකවරයා වෙත භාර දී ඇත.