Connect with us

පුවත්

දේශබන්දුට තර්ජනය කළ දෙදෙනෙකු ගැන විමර්ශන ඇරඹේ (UPDATE)

Published

on

තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජනයක් පවතින බවට ලැබුණු තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (2) කරුණු වාර්තා කළේය.

ඒ අනුව සිද්ධියට අදාළව බූස්ස බන්ධනාගාරයේ සිටින සැකකරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට එම දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිගෙන් නියෝගයක් ලබාගෙන තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගෙන් තර්ජන එල්ලවිය හැකි බවට උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඒ මහතාගේ හෝකන්දර පිහිටි නිවසට ගොස් ඔහුට දැනුම් දී තිබුණි.

තෙන්නකෝන් මහතා ඝාතනය කරන ලෙස විදෙස්ගතව සැඟව සිටින කංජිපානි ඉම්රාන් විසින් සිය සමීපතමයන්ට උපදෙස් ලබාදී ඇතැයි තොරතුරු වාර්තාවී ඇති බවද එම නිලධාරීන් වැඩිදුරටත් එහිදී සඳහන් කර ඇත.


(පෙර පුවත 2025 02 මැයි පෙ.ව.8.12 )

දේශබන්දු පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඊයේ (01) දිනයේ ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බැවින් ජීවිතයට තර්ජන පැවතීම හේතුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලා ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජන ඇද්ද යන්න පිළිබඳව පොලීසිය විසින් ආරක්ෂක තක්සේරුවක් කිරීමට නියමිත අතර ඔහුට ආරක්ෂාවක් ලබාදිය යුතු බවට නිර්දේශ කළහොත් එම ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවද පොලීසිය සඳහන් කළේය.

සබැඳි පුවත්

පුවත්

607 දෙනෙකුට නීතිපතිගෙන් අධිචෝදනා!

Published

on

By

මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා ගතවූ මාස පහ තුළ නීතිපතිවරයා විසින් ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විවිධ තැනැත්තන් 607 දෙනකුට අධිචෝදනා මත මහාධිකරණයේ නඩු පවරා තිබේ.

මේ නඩු අතර හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලු‍ත්ගමගේ, නාමල් රාජපක්ෂ, නලින් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල, රවි කරුණානායක, යෝෂිත රාජපක්ෂ, ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් ද වන බව වාර්තා වේ. 

Continue Reading

පුවත්

දුන්හිඳ බස් අනතුරෙන් 03ක් මියයයි

Published

on

By

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අද (21) සවස 06ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

අනතුරෙන් පුද්ගලයන් 34 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඔවුන් බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තඹුත්තේගම සිට බදුල්ල දක්වා ගමන්කරමින් සිටි වන්දනාකරුවන් පිරිසකි. ඔවුන් තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසේ.

බදුල්ල පොලීසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.  දෙක ආසන්නයේ බස් රථයක් පෙරලී ගොස් තිබේ.

අනතුරින් පුද්ගලයින් 25කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

(ඡායාරූපය : Accident1st)

Continue Reading

ක්‍රීඩා

මැතිව්ස්, ටෙස්ට් පිටියට සමු දෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ක්‍රීඩා ලෝලීන්ට ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිවියට අද (21) සමුදුන්නේය.

ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

මෙම තරගය අද දිනයේදී ජය පරාජයෙන් තොරව අවසන් විය.

16 වසරක් පුරාවට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ මැතිව්ස්, ටෙස්ට් තරග 119කදී ඉනිම 211ක් ක්‍රීඩා කර තිබේ.

එහිදී ලකුණු 8,214ක් ලබා ගෙන ඇති ඔහු, ටෙස්ට් ශතක 16කට සහ අර්ධ ශතක 45ක් ලබාගැනීමටද සමත් වී තිබේ.

ඊට අමතරව ඔහු විසින් ටෙස්ට් කඩුලු 33ක්ද දවා ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved