ජුලි 15දා සිට ක්‍රියාත්මක වන පරිදි දේශීයව නිපදවූ පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් අඩු කිරීමට නිෂ්පාදකයින් එකඟ වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යෑමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා දෙන මෙන් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මෙම එකඟතාවය සිදුකර ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.
ඒ අනුව, මෙරට නිෂ්පාදිත පාසල් බෑග් හා සපත්තු මිල රු. 350 – 450ක් අතර මිලකින් අඩුවනු ඇති බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.