Connect with us

පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුට කෝටි අනූදාහක් ‌පොලු තියලා!

Published

on

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ගිණුම්කාරක සභාවට (කෝපා කමිටුව) දැනුම් දී තිබේ.

එම වාර්තාව ලබාගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පෞද්ගලිකව මැදිහත් වී දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත් තත්ත්වයකට පත්කිරීමට ජනාධිපතිවරයා සූදානම් වන බවත් එම ආරංචි මාර්ග පැවැසීය.

මේ අතර රුපියල් කෝටි එක්දහස් හයසියයක් වැය කර සිංගප්පූරු සමාගමක් විසින් දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කරනු ලැබ ඇති රැමිස් පරිගණක පද්ධතිය මේ දක්වා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳවත් එම පරිගණක පද්ධතියට අදාළව එම සමාගම සහ දෙපාර්තමේන්තුව අතර ඇති කරගෙන තිබෙන රහස්‍ය ගිවිසුම පිළිබඳවත් විමර්ශනයක් කිරීමට කෝපා කමිටුව තීරණය කර තිබේ.

මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ දෙපාර්ශ්වය අතර ඇති කරගෙන තිබෙන එම ගිවිසුම මේ දක්වා විගණකාධිපතිවරයාට හෝ ලබාදීම දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර තිබීමය. එම ගිවිසුම ඉදිරිපත් නොකරන්නේ තෙවැනි පාර්ශ්වයකට අනාවරණ නොකිරීමට ඇති එකඟතාවක් බව කියැවේ.

මීට අමතරව බදු ගෙවීම වෙනුවෙන් අගරු චෙක්පත් ඉදිරිපත් කළ පුද්ගලයන්ට එරෙහිව දෙපාර්තමේන්තුව නීතිමය පියවර නොගැනීම සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කිරීමට කෝපා කමිටුව තීරණය කර ඇත.

මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ අගරු චෙක්පත් ඉදිරිපත් කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළව කෝපා කමිටුව නොමග යවන සුළු ආකාරයේ තොරතුරු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කිරීම බව එම කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් දා පාර්ලිමේන්තුවේ පැවැති කෝපා කමිටු සාකච්ඡාවේදී දෙපාර්තමේන්තු නිලධාරීන් පවසා ඇ්තතේ අගරු චෙක්පත් ඉදිරිපත් කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් පනත අනුව නොහැකි බවය.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් කර තිබෙන දැනුම් දීම මත එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් ණය අය කර ගැනීමේ පනත යටතේ කටයුතු කළ බවත් ඒ අනුව මුලින්ම කළ යුතු වන්නේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම බවත් සඳහන් කර ඇති නිලධාරීන් එලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බදු ගෙවන්නා සහ දෙපාර්තමේන්තුව අතර ගිවිසුමක් අවශ්‍ය වන නමුත් එවැනි ගිවිසුමක් දෙපාර්ශ්වය අතර නොමැති බවත් පවසා ඇත.

තවදුරටත් ඔවුන් කමිටුව හමුවේ පවසා ඇත්තේ එලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි නමුත් පොලිසිය ක්‍රියාත්මක වන්නේ අදාළ පුද්ගලයාගේ නීතිවිරෝධි ක්‍රියාවට එරෙහිව මිස මුදල අයකර ගැනීමේ ක්‍රියාමාර්ගයකට නොවන බවත්ය.

මේ වන විට දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අගරු චෙක්පත්වල වටිනාකම රුපියල් කෝටි දෙසිය ඉක්මවන අතර මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් අය කර ගත හැකිව තිබියදීත් දෙපාර්තමේන්තුව නොසැලකිලිමත් ලෙස කටයුතු කර තිබෙන්නේය යන්න කමිටුවේ අදහස වී තිබේ.

මේ වන විට ගෙවීම් පැහැර හැර තිබෙන බදු හා දඩ මුදල්වල එකතුව රුපියල් කෝටි අනූදහස ඉක්මවන බව පසුගියදා කෝපා කමිටුවේදී අනාවරණය විය.

(අරුණ)

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved