පුවත්

දේශීය ආදායම් පනතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

Published

on

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම් විභාග කිරීම අවසන් කර තිබේ.

ඒ අනුව, එම පෙත්සම් විභාගයේ තීන්දුව පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අදාළ සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙක් වන චතුරංග අබේසිංහ ඇතුළු දෙදෙනෙකු විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Trending

Exit mobile version