Connect with us

පුවත්

දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ සහ වෛද්‍ය සැපයීම් ලබා ගැනීමට අනුමැතිය

Published

on

දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ කටයුතු වලට ප්‍රමුඛතාව ලබා දෙමින් දේශීය ඖෂධ නිෂ්පාදකයින් උනන්දු කරවීම සඳහා පසු මිල දී ගැනීමේ ගිවිසුම් ක්‍රම වේදය යටතේ දේශීයව නිපදවන ඖෂධ මිල දී ගැනීම සඳහා 2013-11-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

එමෙන්ම, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ ගිවිසුම්ගතව ඇති දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් වල නිෂ්පාදන වලට වසර 15 ක කාලයක් සඳහා පසු ගිවිසුම්ගත වීමටත්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට ලබා දෙනු ලබන ප්‍රමුඛතාව මත එම ඖෂධ මිල දී ගැනීමටත්, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ දේශීය ඖෂධ නිෂ්පාදකයින් අතර ඖෂධ සැපයීම සඳහා වන පසු ගිවිසුම් අවුරුදු 10 ක් දක්වා ක්‍රියාත්මක කිරීමටත්, 2018-10-02 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

රජය සපයන්නේ  ඒ අනුව සපයනු ලබන ඖෂධ වල මිල තීරණය කිරීම සඳහා මිල නියම කිරීමේ කමිටුවක් ද පත් කර ඇති බවය.

එම ඖෂධ මිල දී ගැනීමේ ක්‍රම වේදය අනුව දැනට රටේ වෛද්‍ය සැපයීම් අවශ්‍යතාවයෙන් 20%ක් පමණ ආවරණය වන අතර, එම ප්‍රමාණය 40%ක් දක්වා වැඩි කිරීමේ හැකියාව පවතින බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව, ඖෂධ ඇතුළුව වෛද්‍ය සැපයුම 454 ක් සැපයීම සඳහා හැකියාව පවතිනදේශීය ඖෂධ නිෂ්පාදන ආයතන 49 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය මඟින් හඳුනාගෙන ඇති බවද රජය දැනුම් දෙයි

ඒ අනුව, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියට මෙන්ම දැනටමත් පසු ගිවිසුම්ගත වී ඇති දේශීය ඖෂධ නිෂ්පාදන ආයතන වලට අගතියක් නොවන පරිදි, හඳුනාගනු ලැබ ඇති ආයතන වෙතින් වර්ෂයක කාලයක් සඳහා දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයීම් සපයා ගැනීම පිණිස පසු මිල දී ගැනීමේ ගිවිසුම්වලට එළඹීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමිවිය.

පුවත්

ජන්ද කොළේ නැතත් ජන්දය දෙන්න පුලුවන්

Published

on

By

නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් ලැබී නොමැති ජන්දදායකයකයෙකුට අද (06) ජන්ද මධ්‍යස්ථානයේදී ජන්දය භාවිතා කිරීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ලියාපදිංචි සෑම ජන්දදායෙකූටම නිල ජන්ද දැන්වීම් පත්‍රිකාව නැතැත් ජන්දය භාවිතා කළ හැකි බව පැවසූ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද දිනයේදීද තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් එය ලබා ගත හැකි බව සඳහන් කලේය.

ඒ අනුව ජන්දය භාවිතා කිරීමට ජන්ද මධ්‍යස්ථානයට යාමේදී ජාතික හැඳුනුම්පත හෝ පිලිගත් වලංගු හැදුනුම්පතක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට තමන්ට ලිපි බෙදන තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් අද පස්වරු 4.00 දක්වා ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

Continue Reading

පුවත්

රංචු පිටින් ඡන්ද පොළට එන්න එපා

Published

on

By

ඡන්ද පොළවල් ආශ්‍රිතව අනවශ්‍ය රංචු ගැසීම් වලින් වළකින ලෙස පොලිස් මූලස්ථානය සියලුම ජනතාවගෙන් සහ  දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන්  ඉල්ලීමක් කර තිබේ.

පොලීසිය දැනුම්දෙන්නේ, ඡන්ද පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සාමකාමීව පිටව යන ලෙසය.

ඡන්ද පොළවල් ආශ්‍රිතව රැඳී සිටිමින් විවිධ ප්‍රචාරක කටයුතුවල යෙදීම සම්පූර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමිෂන්  සභාව පවසයි.

සියලු ඡන්ද පොළකම  ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000ට ආසන්න පිරිසක් යොදවා තිබේ.

මීට අමතරව දිවයින පුරා  පොලිස් ජංගම මුර සංචාරද අද (06) සහ හෙට  පැය විසි හතර පුරා ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ අතර සමස්ත මැතිවරණය නිරීක්ෂණයට 3,000ක පිරිසක් යොදවා ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

Continue Reading

පුවත්

සබරගමු සරසවි සිසුන් 11 කගේ අධ්‍යයන කටයුතු අත්හිටුවයි

Published

on

By

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු නවකවදය හේතුවෙන් මියයාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුලින් අත්අඩංගුවට ගනු ලැබූ සිසුන් සිව්දෙනා ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු අත්හිටුවා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ මරණයට අදාලව එම විශ්වවිද්‍යාලයේම සිසුන් සිව්දෙනෙකු පසුගිය 04 වනදා රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී අත්අඩංගුවට ගන්න ලදී.

ඔවුන් බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සිදුවිය.

මේ අතර එම සිදුවීමට අදාලව තවත් සිසුන් සිව්දෙනෙකු ඊයේ (05) සමනලවැව පොලිසිය වෙත භාරවීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved