Connect with us

පුවත්

ද‌ොස්තරලා 2ක් ගුටි ඇණගෙන දෙදෙනාම රෝහල් ගත වෙලා

Published

on

රාජකාරි සම්බන්ධ ප්‍රශ්නයක් හේතුවෙන් අනුරාධපුර රෝහලේ දී වෛද්‍යවරු දෙදෙනෙක් නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය තුළදී ඊයේ (19) දහවල් ගුටිබැට හුවමාරුවක නිරතව ඇත.

ගුටිබැට හුවමාරුව සිදුව ඇත්තේ සැලසුම් අධ්‍යක්ෂ වෛද්‍යවරයා සහ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා අතරය.

විශේෂඥ වෛද්‍යවරයා අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණ සැලසුම් අධ්‍යක්ෂ වෛද්‍යවරයා විසින් තමාට පහරදුන් බවට පැමිණිල්ලක්කර ඇත. 

සැලසුම් අධ්‍යක්ෂවරයා අනුරාධපුර පොලිසියට ගොස් තමාට ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා විසින් පහරදුන් බවට පැමිණිල්ලක් කර තිබේ.

මෙම පැමිණිලි දෙක සිදු කිරීමෙන් පසු වෛද්‍යවරු දෙදෙනාම ප්‍රතිකාර ගැනීමට අනුරාධපුර රෝහලට ඇතුළත්ව ඇත.

දෙදෙනා අතර ගුටිබැට හුවමාරුව සිදුවන විට රෝහලේ රෝගීන් විශාල පිරිසක් සිට ඇතැයි ද මේ අතර වාර්තා වේ.

ගුටිබැට හුවමාරුව සිදුව ඇත්තේ දෙදෙනා අතර දැඩි වචන හුවමාරුවකින් අනතුරුවය.

 මේ හැම දෙයක්ම රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ටද ඇසී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම ගුටිබැට හුවමාරුවට මුල් වී ඇත්තේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා නොමැතිව සිදු කළායැයි කියනු ලබන සැලසුමක් බව පොලිසියට ඔවුන් දෙදෙනා කළ පැමිණිලිවලින් පෙනී යන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. 

පුවත්

යුද්ධ හමුදාව රට වැසියන්ගෙන් කළ කාරුණික ඉල්ලීම

Published

on

By

වර්තමානයේ දී සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත විවිධ යෙදවුම් තුලින් (YouTube, Tik tok හා Facebook) සිදුකරනු ලබන රූප රචනා, ගීත හා කෙටි වීඩියෝ සඳහා යුද්ධ හමුදා නිල ඇඳුම් අනුමැතියකින් තොරව යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානිකර අන්දමින් භාවිත කිරීමේ ප්‍රවනතාවයක් මතුව ඇති බවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය පවසයි.

මෙලෙස යුද්ධ හමුදා නිල ඇදුම් අවසරයකින් තොරව නිර්මාණ කටයුතු සඳහා භාවිත කිරීම නීති විරෝධි ක්‍රියාවක් වුවද බොහෝ දෙනා තම නොදැනුවත්කම මත මෙවැනි ක්‍රියාකාරකම් සිදුකරන බවද පෙනෙන්නට ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

මෙලෙස නොදැනුවත්කමින් සිදුකර ක්‍රියාවන් හේතුවෙන් මව්බිම වෙනුවෙන් තම ජිවිත, අවයව පූජාකල යුද්ධ හමුදා සාමාජිකයින් පැලදි හා අදටත් මෙම දේශය ආරක්‍ෂා කරන යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා ගෞරවයෙන් හා අභිමානයෙන් පලදින නිල ඇදුමක් මෙවැනිවූ ක්‍රියාකාරකම් සඳහා භාවිත කිරීම මගින් සමස්ත යුද්ධ හමුදා ප්‍රතිරූපයටම හානියක් සිදුවන අතර, දශක තුනකට ආසන්න කාලයක් පුරා මව්බිම වෙනුවෙන් තම ජීවිතය කැපකල රණවිරුවන්ද හෑල්ලුවට ලක් වන බව එම නිවේදනයෙන් ජනතාවට දැනුම් දී ඇත.

එබැවින් ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කර යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානි කරන මෙවැනි දේ සිදුකිරීමෙන් වලකින ලෙසට  ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය සිය නිවේදනයෙන් සියළු ශ්‍රී ලාංකිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා තිබේ.

Continue Reading

පුවත්

රජයේ වාහන දෙකකට වඩා ළග තබාගෙන සිටින හිටපු ජනාධිපතිවරුන්ට දැනුම්දීමක්

Published

on

By

රජයේ වාහන දෙකකට වඩා ළග තබාගෙන සිටින හිටපු ජනාධිපතිවරුන්ට එම අතිරේක වාහන වහාම භාරදෙන ලෙසට ජනාධිපති ලේකම්වරයා ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යවරුන්ගේ කාර්යන් සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රජය උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණි.

ඊට අනුව අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ට පරිහරණය කිරීම සඳහා වෙන්කරන ලද නිල වාහන සංඛ්‍යාව උපරිම වශයෙන් දෙකක් ලෙසයි සඳහන් කර ඇත.

එහෙත් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් අදාළ උපදෙස් වලට අනුව ක්‍රියා කරද්දි තවමත් හිටපු ජනාධිපතිවරුන් වාහන දෙකකට වඩා භාවිත කරන බවට තොරතුරු ලැබී ඇත.

Continue Reading

පුවත්

දේශබන්දු ගැන විමර්ශනය කරන කමිටුව රැස්වෙයි

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලය අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාකිරීමට පත්
කළ පරීක්ෂණ කමිටුව අද (23) පළමු වරට පාර්ලිමේන්තුවේදී රැස්වී මූලික සාකච්ඡා සිදු කර තිබේ .

කමිටුව 2025.04.25 දින නැවත රැස්වීමට නියමිතය.

මෙම පරීක්ෂණ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන්සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විතය .

2022 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතෙහි 5 වගන්තිය සමග කියවිය යුතු 3(ඈ) සහ 3(ඉ) වගන්ති ප්‍රකාරව විෂමාචාරය
සහ ධුරයේ බලය බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති
ධුරයෙන් ඉවත් කිරීම සඳහා එකී පනතෙහි 5 වන වගන්තිය ප්‍රකාරව පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය .

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved