පුවත්

දොස්තර රට යයි. රෝගීන් ගෙදර යවයි.

Published

on

තෙල්දෙණිය මූලික රෝහලේ සේවය සඳහා සිටි එක ම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා විදේශ ගතවීම හේතුවෙන් සියලු ම සැත්කම් දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

සිසේරියන් සැත්කම්වලට භාජන කිරීමට සිටින මව්වරු මහනුවර ජාතික රෝහලට මාරුකර එවීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

මෙලෙස පෙරේදා (04) දිනයේදී මව්වරු පස් දෙනෙකු මහනුවර ජාතික රෝහලට මාරු කර එවා  ඇත.

රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා පශ්චාත් උපාධිය සඳහා විදේශගත වීම හේතුවෙන් අදාළ තත්ත්වය මතුව තිබෙන අතර මේ හේතුවෙන් සැත්කම්වලට ලක් කිරීමට නියමිතව සිටි රෝගීන් ගණනාවක් නැවත නිවෙස්වලට යැවීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධනය කිරීමට තෝරාගෙන තිබෙන එක ම රෝහල තෙල්දෙණිය රෝහල වන අතර එහි මෙතෙක් ස්ථිර සේවය සඳහා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැති වීම විශාල ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව ඇති අතර මේ හේතුවෙන් රෝගීන් බරපතළ ගැටලුවකට මුහුණපා ඇත.

මූලාශ්‍රය – මව්බිම පුවත්පත

Trending

Exit mobile version