පුවත්

ධනංජයගේ පියා මරන්න හවුල් “කොටියා” අල්ලයි!

Published

on

 ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් ද සිල්වා මහතා ඝාතන සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වූ රන්ජන් ද සිල්වා මහතා 2018 වසරේදී ඝාතනය විය.

මෙම ඝාතනයට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

රත්මලාන ප්‍රදේශයේ පදිංචි මලිදු ලක්මාල් නොහොත් ‘කොටියා’ නමැත්තා සැකකරු සයුරපුර මහල් නිවාස සංකීර්ණයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබුණි.

29 හැවිරිදි සැකකරු විදේශගතව සිට පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ලැබුණු තොරතුරු මත රත්මලාන ගොනාකෝවිලේ සුසාන භූමියේ සගවා තිබූ අත්බෝම්බයක් ද සොයා ගෙන ඇත.

Trending

Exit mobile version