පුවත්

ධනුෂ්කගේ නඩුව පෙබරවාරි 23ට කල් යයි

Published

on

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව නැවත විමසීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල්දමා තිබේ.

සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව අද (12) කැඳවු අවස්ථාවේදී එම තීරණය දැනුම් දුන්නේය.

සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට පත්වුණි.

දින 11ක් පාර්ක්ලීහී පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තැබීමේන් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇපයක් මත ධනුෂ්ක ගුණතිලක මුදාහරිනු ලැබු‍වේ නොවැම්බර් 17 වැනිදාය.

නමුත් ධනුෂ්ක ගුණතිලකට දැඩි කොන්දේසි රැසක් එහිදි පැනවු අතර එහිදි ධනුෂ්කට රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් ද තහනම් කළේය.

ඊට අමතරව පැමිණිලිකාරිය ඇමතීමට හෝ සම්බන්ධ කරගැනීමට කටයුතු කිරීමෙන් වැළකීම සහ ටින්ඩර් ඇතුළු යෙදුම් භාවිත කිරීමෙන් වැළකීමද ඇප කොන්දේසි අතර වුණි.

අද අධිකරණයේ නඩුව කැඳවු අවස්ථාවේදී සඳහන් කළේ, එම දැඩි නීති ඉදිරියටත් වලංගු බවය.

(අද දෙරණ)

Trending

Exit mobile version