පුවත්

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් තවත් ඇප අයැදුම්පතක්

Published

on

ඕස්ට්‍රේලියාවේ රඳවාගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

ලබන 8 වැනිදා එම අයැදුම්පත සලකා බැලෙනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කාන්තාවක සමග ඇගේ කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් චෝදනා 4 ක් එල්ල වී තිබෙන ධනුෂ්ක ගුණතිලක, පසුගියදා සිඩ්නි නුවරදී අත්අඩංගුවට පත්විය.

එහිදී සිඩ්නි අධිකරණයෙන් ඔහු ඇප ඉල්ලීමක් සිදුකර තිබුණද, එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වීම නිසා ඔහුගේ නීතිඥවරුන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

Trending

Exit mobile version