පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වන බව එම සභාවට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
ඒ මහතා පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට අදාළ ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වා ඇත.
මේ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම එම සභාව පිළිගෙන ඇතැයි ද පැවසේ.
ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු මහලේකම් ධූරයෙන් පසුගිය 2023 වසරේ මැයි මස 25 වැනිදා විශ්‍රාම ලැබීය.
ඔහු විශ්‍රාම ලැබීමෙන් පසු එවකට ආණ්ඩුවේ ආශිර්වාදයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට එම වර්ෂයේදීම පත් කෙරිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුර වෙනුවෙන් ඔහුට ලක්ෂ පහක පමණ දීමනාවක් මෙන්ම වාහන ඇතුළු නොයෙකුත් පහසුකම්ද හිමිවිය.
එසේම දසනායක මහතාට පාර්ලිමේන්තුවේ රාජකාරි කිරීමට ඇමතිවරුන්ගේ කාමරයක්ද පසුගියදා වෙන්කෙරිණ.
සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයේ මීට පෙර කටයුතු කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාය.
මේ අතර වාහන පාවිච්චිය ඇතුළු විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හිටපු ඇතැම් ප්‍රධානීන් සම්බන්ධයෙන් පසුගිය කාලයේදී බරපතළ චෝදනා එල්ල විය.
වාහන අවභාවිතය සහ විදෙස් සංචාර සඳහා විශාල වශයෙන් රජයේ මුදල් වැය කිරීම එම චෝදනාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රටේ යහපාලනය වෙනුවෙන් පිහිටවනු ලැබූ ආයතනයකි.
නීතිපති පොලිස්පති විනිශ්චකාරවරු ඇතුළු ඉහළ නිලධාරීන් පත් කිරීම අනුමත කෙරෙන්නේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙනි.