Connect with us

පුවත්

ධම්මික බෑ කියයි ; පොහොට්ටු ජනපති අපේක්ෂක දිනේෂ්ද? නාමල්ද?

Published

on

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් නොවන බවට ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට ලිපියක් යොමු කර ඇත.

පෞද්ගලික හේතුවක් මත තමා ඉදිරිපත් නොවන බව ඔහු එම ලිපියෙන් දැනුම් දී තිබේ.

අද දිනයේදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසා තිබුණේ හෙට (අගෝස්තු 06) දිනයේදී සිය ජනාධිපති අපේක්ෂකයාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බවයි.

මේ සඳහා උත්සවය හෙට පෙ.ව. 7.00ට පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත බවද එම නිවේදනයේ දැක්වේ.

මේ අතර, ජනාධිපති අපේක්ෂකත්වය බාර ගන්නා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධනට පොහොට්ටු පක්ෂ නායකයින් ගෙන් ඉල්ලීමක් ලැබී ඇති බව ‘ද ලීඩර්’ වෙබ් අඩවියේ දැක්වේ.

අග්‍රාමාත්‍යවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයි අගමැති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි.

කෙසේවෙතත්,  ‘ඩේලි මිරර්’ වාර්තා කර ඇත්තේ පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හෙට දිනයේදී නාමල් රාජපක්ෂ මහතා නම් කිරීමට නියමිත යැයි පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සනාථ කළ බවයි.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුව අමතමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කර තිබුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

සබැඳි පුවත් :

නාමල් රාජපක්ෂ කාරක සභාවකින් ඉවත් වෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිවේදනය

ධම්මික පෙරේරා මහතා ගේ ලිපිය

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved