Connect with us

පුවත්

ධීවරයින් 7කට මරණ දඩුවම

Published

on

ධීවර යාත්‍රාවක් පැහැරගෙන ධීවරයින් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ධීවරයින් හත්දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

2012.10.15 දින හෝ ඊට ආසන්න දිනයක දී නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පළායෑමේ අරමුණින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර රැකියාවක නිරත වූ පුද්ගලයින් රැගත් ‘තේජාන්’ නැමති ධීවර යාත්‍රාව පැහැරගෙන එහි සිටි ධීවරයින් තිදෙනෙකු ඝාතනය කර තවත් ධීවරයින් කිහිපදෙනෙකුට බරපතළ තුවාල සිදුකර බෝට්ටුව පැහැරගෙන ඔස්ට්‍රේලියාවට යෑම ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ ධීවරයින් 7 දෙනෙකුට අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු අධිත්‍ය පටබැඳිගේ මහතා විසින් අදාළ නියෝගය ලබා දී ඇත. 

එම නඩුවේ 10 වන විත්තිකාරිය ලෙස නම් කර තිබු විත්තිකාරිය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

මරණීය දණ්ඩනය නියම කළ අධි චෝදනා තුනට අමතරව සෙසු අධි චෝදනා 6ට එම විත්තිකරවන්ට බරපතළ වැඩ සහිත වසර 29ක සිරදඬුවම්ද නියම කළ විනිසුරුවරයා රුපියල් මිලියන 2යි රු 8500 බැගින් වූ දඩයක් ගෙවීමට ද නියම කළේය.

මරණ දණ්ඩනයට අමතරව නියම කරනු ලැබූ සිරදඬුවම් එකවර ගෙවී යන ලෙසට ද විනිසුරුවරයා එහිදී නියම කළේය.

නීතිපතිවරයා විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. 

ඉන් විත්තිකරුවන් තිදෙනෙක් නඩු විභාගය අතරතුර හෝ නඩු විභාගය ආරම්භ කිරීමට පෙර මියගොස් තිබීම නිසා අධිකරණය හමුවේ නඩු කටයුතු මෙහෙයවනු ලැබුවේ විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිවය.

මූලාශ්‍රය  –  අරුණ

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved