පුවත්

ධීවර අමාත්‍යංශයේ ලේකම්ට අතුරු නියෝගයක්

Published

on

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට අයිස් සැපයීමේ කාර්යය සඳහා පුද්ගලික සමාගමක් සමඟ ගිවිසුමකට එළැඹීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (16) ධීවර අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ලංකා ඊස්ට් කොස්ට් සමාගම විසින් ගොනු කොට තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ධම්මික ගනේපොල සහ දමිත් තොටවත්ත යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ධීවර අමාත්‍යංශයේ ලේකම්වරයා සහ කූල් මෑන් සමාගම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාර සමාගම කියා සිටින්නේ

වග උත්තරකාර සමාගම විසින් මෙම අයිස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබා ගැනීම සඳහා නිවැරදි ලේඛන ඉදිරිපත් කර නොමැති බවත් එම නිසා අදාළ සමාගම සමග එම කොන්ත්‍රාත්තුවට එළැඹීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවයි.

එබැවින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සඳහා අයිස් සැපයීමේ කාර්ය සඳහා

වගඋත්තර කාර සමාගම සමඟ ගිවිසුමකට එළඹීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කාර සමාගම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version