පුවත්

ධීවර ප්‍රජාවේ පෝෂණ සුරක්ෂිතතාවයට බ්‍රිතාන්‍යයෙන් ප්‍රදානයක්

Published

on

රට පුරා දිස්ත්‍රික් කිහිපයක ධීවර ප්‍රජාවගේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය පවුම් 880,000ක් ප්‍රදානයක් සිදුකිරීමට බ්‍රිතාන්‍යය තීරණය කර තිබේ.

මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා ලබාදෙනු ඇත.

ඒ අනුව, තංගල්ල, කොළඹ, මීගමුව, කළුතර, ගාල්ල, මාතර, පුත්තලම, හලාවත හා මන්නාරම ප්‍රදේශ වල වෙසෙන දිළිඳු ධීවරයන්ගේ ආහාර සුරක්ෂිතතාව සඳහා මෙම ආධාර සැපයෙනු ඇත.

නොවැම්බර් 21දාට යොදී තිබූ ලෝක ධීවර දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා වන සාරා හල්ටන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ලංකාවේ ධීවර කර්මාන්තය ඉතා අසීරු කාලපරිච්ඡේදයක් පසුකරමින් සිටින බවත්, එම පවුල් වලට පෝෂ්‍යදායි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය දෑ ලබාදීමට කටයුතු කරන බවයි.

Trending

Exit mobile version